දේශීය

පළමු පාසැල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

(UTV | කොළඹ) – රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් පළමු පාසල් වාරයේ පළමු අදියර සඳහා නිවාඩු ලබාදීම හෙට (25) සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

ඉන්පසු පළමු පාසල් වාරයේ දෙවන අදියරය සඳහා මාර්තු 15 දින පාසල් ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01 වන දින සිට මාර්තු 10 වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25 වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් කෙරෙන බව එහි වැඩිදුරටත් දැක්වේ.

 

Related posts

තවත් ආසාදිතයින් 377 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

ඉන්දියානු බාල බෙහෙත් රටට ගේන හොර ගිවිසුම රටට හෙළි කරනු…! – පුබුදු ජාගොඩ…

Editor O

කෝවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 800 ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment