දේශීය

පාකිස්තාන අගමැති අද ජනපති හමුවෙයි

(UTV | කොළඹ) –  පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව පාකිස්තාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතය.

දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී අනතුරුව පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

 

Related posts

යාපනය සරසවියේ බුදුමැදුරක් ඉදිකිරීම ගැන දේශපාලන විරෝධයක්

Mohamed Dilsad

විවිධ අභියෝගයන්ට චීනය සන්සුන්ව හා ශක්තිමත්ව ප්‍රතිචාර දක්වනවා – චීන අගමැති

Editor O

තවත් ගම්මානයක් හුදකලා කරයි

Mohamed Dilsad

Leave a Comment