දේශීය

විදේශ අමාත්‍යවරයා අද මානව හිමිකම් සැසිය අමතයි

(UTV| කොළඹ) – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිතව ඇත.

අමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ මෙවර මානව හිමිකම් සමුළුව ඇමතීම ද විශේෂත්වයක්. රජය විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතුව නම් කරන ලද කමිටුව ද අන්තර්ජාලය ඔස්සේ සමුළුවට සහභාගිවීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22) ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචෙලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව හෙට (24) දිනයේ කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Related posts

පාසල් නිල ඇඳුම් ලැබෙන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

ජනාධිපති අනුරගේ වැය ශීර්ෂය සියයට 300%කින් ඉහළ ට

Editor O

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment