ක්‍රීඩා

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යයි

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි -20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි -20 කණ්ඩායමේ අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

කටාර් රාජ්‍යයේ දෝහා වෙත යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතැන් සිට වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ලගා වීමට නියමිතව තිබේ.

මෙම තරගාවලියේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ.

විස්සයි-20 අංශයේ නායකත්වයට පත් දසුන් ශානක මීට පෙර 2019 වසරේ පාකිස්තානයේ පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවූ අතර එම තරගාවලිය 3-0 ක් වශයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය.

 

Related posts

ඉසුරු උදාන කොදෙව් දිවයිනේ දී දස්කම් දක්වයි

Mohamed Dilsad

ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන මෙන්න

Mohamed Dilsad

Leave a Comment