දේශීය

පුද්ගලික බස් හිමියන් සහ ජනපති අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – පුද්ගලික බස් හිමියන් විසින් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වූ බස් වැඩවර්ජනය අවලංගු කර ඇත.

ඒ ඔවුන් මුහුණදී සිටින ගැටලුවලින් 80 % කට පමණ මේ වනවිටත් විසඳුම් ලැබී ඇතැයි සඳහන් කරමින්.

ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවකදී අනෙකුත් ගැටලු විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ද ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික වශයෙන් දුෂ්කරතාවට පත් පෞද්ගලික බස් රථ හිමියන්ට රාජ්‍ය බැංකු හරහා රුපියල් ලක්ෂ 03 ක ණය මුදලක් සහ ප්‍රවේශ පත් නිකුත් කිරීමේ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් රුපියල් 50,000 ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

එහි සංකේතාත්මක ණය ප්‍රදාන ලිපි බස් රථ හිමියන් 27 දෙනෙකුට ලබාදීම ඊයේ (15) ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදු කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේගේ ප්‍රධානත්වයෙන්.

 

Related posts

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

Editor O

Leave a Comment