දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අද (16) සිට ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 224 දෙනාටම ලබන සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී එන්නත ලබාදීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් 5,100 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම අද (16) බන්ධනාගාර පුහුණු පාසලේදී ආරම්භ කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

 

Related posts

ආචාර්යය පට්ටම ගැන අහන්න පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් 505 දක්වා ඉහළට

Mohamed Dilsad

‘ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව’ ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යංශ ලේකම් සැකකරුවන් කරන්නැයි ඉල්ලයි

Editor O

Leave a Comment