දේශීය

මෙරටින් හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ දිනයේදී

(UTV | කොළඹ) – දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ (09) දිනයේ ආසාදිතයින් 976 දෙනෙකු හඳුනාගනු ලැබීය.

ඒත් සමඟින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71,211 දක්වා ඉහළ ගියේය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 67,200 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 5,788 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව , ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 912 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,053 ක් වෙයි.

 

Related posts

යන්න ගිහින් ආපසු පැමිණි තුර්කි ගුවන් යානය පිටත්ව යයි…

Editor O

අ’පුර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක් අරඹන්න

Mohamed Dilsad

හෙට සිට බස් නැතිවෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment