ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුගතදාස පිටියේ වට 5ක් දිව යාමේ අභියෝගයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබන 05 වනදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත.

ඉන් සමත් වන ක්‍රීඩකයින් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය වෙනුවෙන් වන සංචිත තෝරා ගැනීම සඳහා සළකා බලන බව වාර්තා වෙයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී මෙම යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර , ඊට කොදෙව්වන්ට එරෙහි මූලික සංචිතයට නම් කෙරුණු ක්‍රීඩකයින් 35 දෙනා එක් වනු ඇති.

එහිදී සියලු ක්‍රීඩකයින්ට අදාළ ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමට නම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8 යි තත්ත්පර 35 ක් තුළ දිව යා යුතුය.

එනම් සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථයේ වට 5ක් අදාළ කාලය තුළ දිව යාමට ඔවුන්ට සිදු වනවා.

කෙසේ වෙතත්, ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයින් රැසක් අසමත් වීමේ වැඩි අවධානමක් පවතින බවයි.

 

Related posts

LPL පළමු අර්ධ ශතකය වාර්තා කරයි

Mohamed Dilsad

ලසිත් මාලිංගට ඉදිරි IPL තරඟ කිහිපයක් අහිමි වෙයි..

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment