ව්‍යාපාරික

ලංකා IOC ලාභ 40 % කින් ඉහළට

(UTV | කොළඹ) – 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී ලංකා IOC සමාගම මිලියන 686.92 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බව සිය නවතම මූල්‍ය ප්‍රකාශන හරහා කියා සිටියි.

2019 ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු පසු ලාභය රු. මිලියන 489.75 ක් වේ.

ඒ අනුව පසුගිය කාර්තුව තුළ දී සමාගමේ ලාභ වර්ධනය, පූර්ව සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 40% කි.

කෙසේ වෙතත් සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව 2020 අප්‍රේල් – දෙසැම්බර් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ සමාගමේ බදු පසු අලාභය මිලියන 91.29 ක් ලෙසින් සටහන්ව ඇත.

 

Related posts

ලුණු කර්මාන්තකරුවන් විශාල ගැටලුවක

Mohamed Dilsad

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

එයාර්ටෙල් ලංකා මුළු දිවයිනම සුපිරි 4G තාක්ෂණයෙන් බලගැන්වීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment