විදෙස්

අවුන්සාන් සුචීව අත්අඩංගුවට ගැනීම ජගත් මහලේකම්වරයා හෙළා දකී

(UTV | මියන්මාර) – මියන්මාර පාලක ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුලු රජයේ ඉහළම පෙලේ දේශපාලනඥයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම ජගත් මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතාද හෙළා දැක ඇත.

විධායක – ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල සියල්ල හමුදාව යටතට පැවරීම කණගාටුදායක තත්වයක් බව මහ ලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

මියන්මාරය තුළ සිදුවෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා මෙම අත්අඩංගුවට ගැනීම් දැඩි පහරක් එල්ලකරන බවත් එහි සඳහන්.

මියන්මාර පාලක ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුලු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙන්ම එරට ජනාධිපතිවරයාද මේ වනවිට සිටින්නේ හමුදා අත්අඩංගුවේයි.

මේ අතර අමෙරිකාව – ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක් මියන්මාර හමුදා පාලකයන්ට අවධාරණය කර සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙසටයි.

නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කලේ ජනාධිපති ජෝ බයිඩ්න් මහතාද මියන්මාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

Related posts

ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි

Mohamed Dilsad

මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයේ පිපිරීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට(වීඩියෝව)

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව අද

Mohamed Dilsad

Leave a Comment