දේශීය

අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරුවෙන් අවසන්

(UTV | කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය ඊයේ (01) රාත්‍රියේ අනුමැතිය ලබාදුන්හ.

විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කළා.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්තය ඉන්දියාවේ ආයෝජකයෙකු සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා සාකච්ඡා කිරීමට කමිටුවක්ද පත් කිරීමටද තීරණය කළ බවයි.

මේ අනුව වෘත්තිය සමිති 23 ක් ආරම්භ කල අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද දිනයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වරාය වෘත්තීය සමිති පවසයි.

 

 

Related posts

මත්තල ගුවන්තොටුපළ ගැන ආණ්ඩුව තීරණයක් ගනී

Editor O

මෙරට කොවිඩ් ආසාදිතයින් 11, 000 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයක | සාමාජික මුදල් වහාම ගෙවන්න රටවල් 193කට දැනුම් දෙයි,,

Editor O

Leave a Comment