දේශීය

අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරුවෙන් අවසන්

(UTV | කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය ඊයේ (01) රාත්‍රියේ අනුමැතිය ලබාදුන්හ.

විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කළා.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්තය ඉන්දියාවේ ආයෝජකයෙකු සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා සාකච්ඡා කිරීමට කමිටුවක්ද පත් කිරීමටද තීරණය කළ බවයි.

මේ අනුව වෘත්තිය සමිති 23 ක් ආරම්භ කල අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද දිනයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වරාය වෘත්තීය සමිති පවසයි.

 

 

Related posts

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවර

Mohamed Dilsad

හින්දු දේවස්ථාන වලට හානි වූ පුවත අසත්‍යයක්

Mohamed Dilsad

වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙට

Mohamed Dilsad

Leave a Comment