කලා

රෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයා හඬකැවීම් ශිල්පියෙකු වෙයි

(UTV | ඇමරිකාව) – රෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයෙකු වන රෝමන් රේන්ස් මේ වනවිට හොලිවුඩ් කාටුන් චිත්‍රපට රැසක් සඳහා සම්බන්ධව සිටින බව වාර්තා වෙයි.

2019 වසරේ තිරගත වූ ‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ රෝමන් ඉන් පසුව හොලිවුඩ් සිනමාව තුළ දක්නට නොලැබුණි.

කෙසේ වෙතත්, මේ වනවිට ඔහු හොලිවුඩ් සිනමා කර්මාන්තයේ චිත්‍රපට පසුබිම් හඬකැවිම් ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියි.

මේ වසරේ ඔහු කටහඬ ලබාදුන් හොලිවුඩ් ත්‍රිමාණ චිත්‍රපට 06 ක් ප්‍රදර්ශනය වීමටද නියමිතව ඇති බව වාර්තා වෙයි.

 

Related posts

‘ඇවටර්’ තිරගත වන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

Mohamed Dilsad

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

Mohamed Dilsad

ගින්නෙන් උපන් සීතල 18 වැනිදා සිට සී.ඊ.එල් මණ්ඩලයේ.

Mohamed Dilsad

Leave a Comment