දේශීය

කොරෝනා එන්නත් ලබාදීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොරෝනා මර්දන එන්නත් ලබාදීමේදී ගුරුවරුන්ට ද ප්‍රමුඛතාව ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (29) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුවයි.

මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාබය සියයට 85% කින් පහළට

Editor O

රාජකාරියට යෑමට ඇඳිරි නීති බලපත් අවශ්‍ය නොවන ආයතන [RELEASE]

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

Leave a Comment