දේශීය

මෙරට ප්‍රථම කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි [PHOTOS]

(UTV | කොළඹ) – නාරාහේන්පිට හමුදා රෝහලේදී ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙමින් මෙරට කොරෝනා එන්නත්කරණය ආරම්භ කරනු ලැබීය.

එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය.

මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ස්ථාන 6 කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.

ඊයේ (28) දිනයේ මෙරටට ලැබුණ එම එන්නත්, මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් කටයුතු ඊයේ රාත්‍රියේදීම ආරම්භ කරනු ලැබීය.

 

 

 

 

 

 

 

 

 

,,

Related posts

රාජ්‍ය සේවකයින් ඇතුළු පාර්ශව දෙකක් සඳහා ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත් ලබාදීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment