දේශීය

ඉන්දීය එන්නත් ජනපති ගෝඨාභය වෙත නිල වශයෙන් පිළිගන්වයි [PHOTOS]

(UTV | කොළඹ) –  ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී නිල වශයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

ඉන්දියාවේ පූනේ නගරයේ සෙරම් ආයතනයේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවි ෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000 ක් ප්‍රදානයක් ලෙස අද ශ්‍රී ලංකාවට හිමිවිය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බෝග්ලේ විසින් මෙම එන්නත් තොගය ජනාධිපතිවරයාට භාරදීමෙන් පසු ඒවා සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත යොමුකිරීමෙන් අනතුරුව දිවයින පුරා බෙදාහැරෙනු ඇති.

අනතුරුව හෙට සිට මෙරට රෝහල් 06 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කෙරෙන අතර එම වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයින්ට හිමිවීම විශේෂත්වයක්.

කොළඹ ජාතික රෝහල / කලුබෝවිල ශික්ෂණ රෝහල / රාගම ශික්ෂණ රෝහල / අයි ඩී එච් රෝහල / හෝමාගම මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහල එම රෝහල් වෙයි.

 

 

 

Related posts

වැලිගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීනියට : මාලිමා මැරයෙක් නිවසට පැමිණ තර්ජනය කරලා….?

Editor O

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක්

Mohamed Dilsad

අයවැය 2025 කාරක සභා විවාදය අද (27) සිට ඇරඹේ

Editor O

Leave a Comment