ප්‍රමුඛ පුවත 1

“නිල් ආර්ථික” දෙවන අන්තර්ජාතික සමුළුව අද ජකර්තා නුවරදී

(උදයම්,ඉන්දුනීසියාව)  – ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අද (08) ආරම්භ වන  “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳ දෙවන අන්තර්ජාතික සමුළුව ලබන 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවට සහභාගිවීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම  අද (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මෙම සමුළුවට රටවල් රැසකම මැති ඇමතිවරුන්, විද්වතුන් , ආර්ථික උපායමාර්ග පිළිබද විශේෂඥයන් ඇතුළු පිරිසක් සහභාගී වේ.

වත්මන් ලෝක ආර්ථිකය හමුවේ සීග්‍ර ආර්ථික සංවර්ධනය සඳහා “නිල් ආර්ථික” වැඩපිළිවෙළ කාලෝචිත බව පිළිගත්ලොව වෙරල සම්පත ඇති බොහෝ රටවල් එම ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති.

ඒ අනුව “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිලිබඳ ඉන්දුනීසියාවේදී පැවැත්වෙන දෙවන ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යතුමා මෙම සංචාරයේදී සමුළුවට සහභාගී වන ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අමාත්‍යවරුන් ඇතුළු එම රටවල රාජ්‍ය නිලධාරීන් සමඟ“නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා , ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහා ලබාගත හැකි දැනුම,තාක්‍ෂණය මෙන්ම සෙසු සහයන් පිළිබඳව සාකච්ජා කිරීමටද නියමිතය.

ලෝක ආර්ථික වර්ධනය සදහා රටවල් රැසක දැඩි අවධානයට ලක්ව ඇති මෙම “නිල් ආර්ථික” වැඩපිළිවෙල ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක කෙරුනේ ධීවර අමාත්‍යංශය මගිනි . රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මෙම “නිල් ආර්ථික” වැඩපිළිවෙළ මේ වන විට ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටි.

එම වැඩපිළිවෙළ ඉකුත් 2015 වසරේ මාර්තු මසදී  ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබූ අතර අනතුරුව මෙම “නිල් ආර්ථික” වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු රජයට ඉදිරිපත් කිරීමටද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කටයුතු කළේය .

Related posts

ආපදාවට ලක්වූවන්ට ඇමති රිෂාර්ඩ්ගෙන් ඉටුවූ සේවය භික්ෂුන්වහන්සේ අගයයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා [VIDEO]

Mohamed Dilsad

LTTE සලකුණ සහිත අත්පත්‍රිකා යාපනය පුරා බෙදයි

Mohamed Dilsad

Leave a Comment