විදෙස්

ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදයි

(UTV |  ඉන්දියාව) – ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් දිල්ලියේ ඵෙතිහාසික රතු බලකොටුව ආශ්‍රිත රාජ්පාත් හි එම සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

මෙවර හමුදා ආචාර පෙළපාලියද කෙටි ගමන් මාර්ගයකින් ගමන් කරවීමයි සැලසුම වී ඇත.

ඉන්දීය ජනරජ දිනයට සමගාමීව එරට රජයේ උත්තමාචාර සම්මාන පිරිනැමීමද අද සිදුකෙරෙනු ලැබේ.

එහිදී ඉන්දීය රජයේ ඉහළම සම්මානය වන පද්ම විභූෂන් සම්මානය සඳහා ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සහ පසුගියදා අභාවප්‍රාප්ත වූ තමිල්නාඩුවේ සුප්‍රකට ගායක එස්.පී.බාලසුබ්‍රමනියම්ද නම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් එම වැඩසටහන කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

 

Related posts

ජපානයේ මගී ගුවන් යානා දෙකක් ගැටෙයි

Mohamed Dilsad

යතුරුපැදි තහනම් නගරයක්

Mohamed Dilsad

කෝලිගේ අළුත් ඉනිමේ ඡායාරූප

Mohamed Dilsad

Leave a Comment