ක්‍රීඩා

ලසිත් ඇඹුල්දෙණියට වසර 17 ක් පැරණි වාර්තාවක් මගහැරෙයි

(UTV | ගාල්ල) – එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ගාලු ක්‍රීඩාංගණයේ වසර 17 ක් පැරණි වාර්තාවක් බිදහෙලීමට තිබූ අවස්ථාව ඇඹුල්දෙණියට මගහැරිණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් ඉනීමක හොදම පන්දු යැවීම සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට ලසිත් ඇඹුල්දෙණියට අවශ්‍ය වූයේ එක් කඩුල්ලක් පමණක් වුවත් එංගලන්ත ඉනීමේ අවසන් කඩුල්ල දිල්රුවන් පෙරේරා සතුවිය.

ලසිත් ඇඹුල්දෙණිය මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 137කදී දවාගැනීමට සමත් විය.

එය ඔහුගේ ටෙස්ට් දිවියේ හොදම පන්දු යැවීමයි. ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉනීමක හොදම පන්දු යැවීමේ වාර්තාව තවදුරටත් මුත්තයියා මුරලිදරන් සතුය.

 

Related posts

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ – අවිශ්ක

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

Mohamed Dilsad

ලසිත් යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

Leave a Comment