විදෙස්

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

(UTV | චීනය) – අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ චීනයේ කෝටිපති ව්‍යාපාරික ජැක්  මා මාස ගණනාවකට පසු පළමුවරට මාධ්‍ය වෙත පෙනී සිට තිබේ.

එරට දිළිඳු ප්‍රදේශයක ගුරුවරුන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඔහු ගෙන යන ව්‍යාපෘතියක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔහු මෙලෙස වීඩියෝවක් මුදාහැර ඇත.

මෙම වීඩියෝව නිකුත් වන තෙක් ඔහු කොහේ සිටියේදැයි සොයාගැනීමට විදෙස් මාධ්‍යවලට හැකිවුයේ නැහැ.

ජැක් මා කොහිද යන්න පිළිබඳව සැක මතුවුයේ මේ මස මුලදී “අප්‍රිකා ව්‍යාපාරික වීරයෝ” නම් රූපවාහිනී වැඩසටහනට ඔහු එකතු නොවීම හේතුවෙනි. එම වැඩසටහනේ විනිසුරුවෙක් ලෙස ඔහු කටයුතු කළේය.

 

Related posts

ඩ්‍රෝන් යානයක් හේතුවෙන් හීතෲ ගුවන් තොටුපළ පැයකට වැසෙයි…

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීම් වලින් සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධා

Mohamed Dilsad

Leave a Comment