Trending News

කෑගල්ලේ ධම්මික බණ්ඩාරට එරෙහිව විශේෂ විමර්ශනයක්

(UTV | කෑගල්ල) –  කොරෝනා වෛරසයට එරෙහිව පැණියක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරට එරෙහිව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඔහුට එරෙහිව පේරාදෙණිය පොලිසියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මෙම පැණිය ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් සමග ධම්මික බණ්ඩාර නමැත්තා ඇතිකරගෙන ඇතැයි කියන ගැටුමක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් වී ඇත.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පැවැත්වෙන මෙම විමර්ශනයෙන් අනතුරුව ධම්මික බණ්ඩාර බොහෝදුරට පොලිස් අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්

Editor O

පළමු වාහන තොගය වරායට ළඟාවෙයි

Editor O

Fox shareholders agree to Disney deal

Mohamed Dilsad

Leave a Comment