විදෙස්

ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධා

(UTV|ඉන්දියාව) –   ‘ෆොනී’ චණ්ඩ මාරුතය ආසන්න වීමත් සමඟ දස ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඔවුන් තාවකාලික කඳවුරුවල රදවා ඇත.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ගම්මාන 10,000ක නගර 50කට වැඩි සංඛ්‍යාවක් සුළි සුළං පථයේ පිහිටා ඇති බවයි.

මේ අතර ෆොනී චණ්ඩ මාරුතය හේතුවෙන් කෝලකටාවේ නෙටාජි, සුභාෂ් චන්ද්‍රබෝස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ මෙන්ම ඔඞීෂා අගනුවර භූබනේෂ්වර් ගුවන් තොටුපළ ද අද පෙරවරුවේ සිට වසා දැමීමට නියමිතය.

එසේම දකුණු ඉන්දියාවේ දුම්රිය ගමන් වාර 200ක් පමණ අද අවලංගු කර ඇති අතර, සුළි සුළඟ බෙංගාල වෙරළ ඔස්සේ බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

 “ පරිසරයත් සමඟ අප කරන යුද්ධය නැවතිය යුතුයි” – ග්‍රේටා තන්බර්ග් [VIDEO]

Mohamed Dilsad

හොන්ඩුරාස් ජනපති ඝාතනයට උත්සහ කළ පිරිසට දඩුවම් පැමිණවීම අද

Mohamed Dilsad

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට ප්‍රභල භූමි කම්පාවක්

Mohamed Dilsad

Leave a Comment