දේශීය

අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරී

(UTV |කොළඹ) – මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

අජිත්  ප්‍රසන්න මහතා වෙනුවෙන් ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) මෙම නියෝගය කළේය.

ඒ අනුව සැකකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළ අභියාචනාධිකරණය සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කරන ලෙස ද නියෝග කෙරිණි.

Related posts

කොරෝනා බවට සැක කාන්තාවක් හලාවතින් IDH රෝහලට මාරු කෙරේ

Mohamed Dilsad

අම්ෆන් සුළිකුණාටුව තවත් ප්‍රචණ්ඩ වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment