දේශීය

අදත් පළාත් කිහිපයකට වැසි

(UTV |කොළඹ) – අද (13) දිනයේ  උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවද දකුණ, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තදවැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස 1.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම්  ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ට ඒකමතික අනුමැතිය

Mohamed Dilsad

දිවයින පුරා සුරාබදු අපරාධ වැටලීම් 1037 ක්

Mohamed Dilsad

කොරෝනා පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් කල් නොදැමිය යුතුයි

Mohamed Dilsad

Leave a Comment