විදෙස්

චීන පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

(UTV | චීනය) – සිය පුරවැසියන්ට ලබාදෙන කොරෝනා එන්නත් සඳහා වන පිරිවැය වෛද්‍ය රක්ෂණ අරමුදලින් සහ රජයේ මුදලින් පියවා ගන්නා බව චීන රජය ප්‍රකාශ කළේය.

එරට ජාතික සෞඛ්‍ය සේවා ආරක්ෂණ පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලී – තාඕ ප්‍රකාශ කළේ එන්නත්වලට වැය වන මුදල මෙන්ම, එන්නත් කිරීමේ වියදම් ද ඊට ඇතුළත් වන බවයි.

එමෙන්ම , බිලියන 1 යි දශම 3 ඉක්ම වූ ජනගහනයක් සහිත ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන ලබන 16 වැනිදා ආරම්භ කරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුව වැඩිම පීඩාවට පත්වූ රට වන ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 14,051,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 151,000 කට අධිකයි.

එන්නත ලබාදීමේදී කෝටියක් පමණ වන සෞඛ්‍ය සේවකයින්ට සහ තවත් කෝටි දෙකක් පමණ වන කොරෝනා මර්දන සටනේ ඉදිරි පෙළ කණ්ඩායම්වලට ප්‍රමුඛත්වය හිමි වනවා.

එම කණ්ඩායම්වලට නොමිලේ කොරෝනා එන්නත ලබාදෙන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශ කළේය.

 

Related posts

ට්‍රම්ප්ගේ ස්විට්සර්ලන්ත ගමනට බාධා

Editor O

පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයට රතු එළි

Mohamed Dilsad

ඉලොන් මස්ක් චීනයට

Mohamed Dilsad

Leave a Comment