දේශීය

විදෙස් සංචාරකයින් ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රතු එළියක්

(UTV | කොළඹ) – පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව විදෙස් සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සිදුවන්නේ නම්, සංචාරකයින් ගෙන්වීම පිළිබඳ යළි සලකා බැලීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, සංචාරකයින් මෙරටට ගෙන්වීමේ කටයුතුවලට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් , එහෙත් සංචාරකයින් ගෙන්වීමේදී යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අදාළව ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් ලබා දීමටත් අමාත්‍යාංශය සූදානම් බවයි.

වෛද්‍යවරයා සඳහන් කළේ, සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සංචාරක අමාත්‍යාංශය මගින් අදාළ කටයුතු පූර්ණ අධීක්ෂණයකට ලක් කෙරෙන බවයි.

එමෙන්ම විදෙස් සංචාරකයින් 800 කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයිනේ රැඳී සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොරෝනා අසාදිතයින් ද ඔවුන් අතරින් වාර්තා විය.

කෙසේවෙතත් මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මෙරටට යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම සම්බන්ධයෙන් මේ දිනවල විවිධ චෝදනා එල්ල වෙයි.

 

Related posts

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

තවත් සැකකටයුතු මරණයක්

Mohamed Dilsad

සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment