විදෙස්

ට්‍රම්ප් හිතවාදීන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වදී.වොෂින්ටනයට ඇඳිරි නීතිය

(UTV |ඇමෙරිකාව) – ඇමරිකාවේ වොෂින්ටන් අගනුවරට ඇඳිරි නීතිය පනවයි.

ඒ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි පාර්ලිමේන්තු හෙවත් කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදීම නිසා ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහාය.

ඇමරිකානු නව ජනාධිපති ලෙස ඡන්දයෙන් පත්වූ ජෝ බයිඩ්න්ගේ එම තේරී පත්වීම තහවුරු කිරීම සඳහා ඊයේ කොංග්‍රස් සභිකයන් කොංග්‍රස් ගොඩනැගිල්ලට එක්රැස් වූ බව විදෙස් වාර්තා පවසයි.

එම අවස්ථාවේ එහි දොරවල් කඩා ගොඩනැගිල්ලට ඇතුලුවූ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය මැදිහත්ව තිබේ.

එම අවස්ථාවේ ඇතිවූ ගැටුම්කාරී තත්වය හමුවේ පොලිස් වෙඩි පහරින් ජනපති ට්‍රම්ප්ට සහය පළ කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර මෙම නොසන්සුන්තාව හටගැනීමත් සමඟ ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඞ්න් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කියා සිටියේ මෙම කැරැල්ල අවසන් කළ හැක්කේ ජනපති ට්‍රම්ප්ට පමණක් බවයි.

Related posts

ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

ඉන්දීයානු මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිට බහුතරය.

Mohamed Dilsad

ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයට

Mohamed Dilsad

Leave a Comment