විදෙස්

කොරෝනා එන්නත අපනයනයට ඉන්දියාව සූදානමින්

(UTV|ඉන්දියාව) – දේශීයව නිෂ්පාදනය කල කොරෝනා එන්නත සති 02 ක් ඇතුළත අපනයනය කිරීමට සූදානම් බව ඉන්දියාව පවසයි.

එම එන්නත වෙනත් කිසිදු රටකට ලබාදීම තහනම් කර ඇති බවට පළවී ඇති වාර්තා මුලුමනින්ම අසත්‍ය බව එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

එමෙන්ම ලොව පුරා එනනත්වලින් 60 % ක් පමණ නිපදවනු ලබන්නේ ඉන්දියාවේදීයි. මේ වනවිටත් ඉන්දියාව විසින් එන්නත් 02 කට අනුමැතිය ලබාදී අවසන්.

ඒ අනුව දැවැන්ත එන්නත්කරණයක් ආරම්භ කරමින් ලබන ජූලි මාසය වනවිට කෝටි 30 ක ජනතාවක් එන්නත්කර අවසන් කිරීම ඔවුන්ගේ සැලසුම වී ඇත.

එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ එන්නත් අපනයනය කිරීමේදී දකුණු ආසියානු කලාපයට මුල්තැන ලබාදෙන බවයි.

 

Related posts

ඉන්දියාව පළමුවරට තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡාවක

Mohamed Dilsad

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවත් දීර්ඝ කරයි

Mohamed Dilsad

ඇමරිකාවේ සමූල ඝාතන ඉහළට

Mohamed Dilsad

Leave a Comment