දේශීය

ඉන්දීය විදේශ ඇමති මෙරට සංචාරයක

(UTV |කොළඹ) – ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් තුන්දින නිල සංචාරයක් සඳහා අද (05) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයක් මතය.

මෙම වසරේ ආරම්භයත් සමඟ දිවයිනට පැමිණෙන පළමු රාජතාන්ත්‍රිකයා ඔහු වේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන මොහු මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම සංචාරය ජෛව ආරක්ෂිත පද්ධතියකට අනුව ක්‍රියාත්මක කෙරෙන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

සමගි ජනබලවේගයේ සියලු අපේක්ෂකයන් හෙට කොළඹට

Mohamed Dilsad

රාජකාරී සඳහා පිටත්ව යන ජනතාවට ලංගමයෙන් නව බස් රථ සේවාවක්

Mohamed Dilsad

සංඝ සමගිය උතුම් බව දන්වමින්, ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස්වෙති.

Editor O

Leave a Comment