දේශීය

පළමු ශ්‍රේණියට දරුවන් කැඳවීම පෙබරවාරි දෙවැනි සතිය දක්වා කල් යයි

(UTV | කොළඹ) – නව වසරේ 01 ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන් පාසල් කැඳවීම පෙබරවාරි මස දෙවැනි සතිය දක්වා කල් දැමීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

පළමු වසරට ඇතුළත් වීමට සුදුසුකම් ලබන දරුවන් සාමාන්‍යයෙන් ජනවාරි මස දෙවැනි සතියේ දී පමණ පාසල්වලට කැඳවෙන නමුත් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් එම ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් ප්‍රධාන පෙළේ පාසල් පළමු ශ්‍රේණියට තෝරාගත් දරුවන්ගේ අවසන් ලේඛන තවමත් ප්‍රසිද්ධ නොකිරීම මෙන්ම පසුගිය වසරට නියමිත වූ විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට නොහැකි වීම යන කරුණු ද මෙම තත්ත්වයට හේතු වී තිබේ.

 

Related posts

සජබ, මාලිමා, අලි, පොහොට්ටු එකට ඡන්දය දී සම්මත කළ අයවැයක්…

Editor O

ඉන්ධන පිරවුම්හල් සඳහා දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

දඹුල්ලට ආ තුර්කි තරුණිය ට බස් රථයේදී අතවර

Mohamed Dilsad

Leave a Comment