දේශීය

මධ්‍යම පාන්තිකයින්ට නිවාස 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මධ්‍යම පාන්තික ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (04) ආරම්භ කිරීමට නියමිතය.

එම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 3000 ක් ඉදිකිරීමේ කටයුතු අද ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර, බොරලැස්ගමුව ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ ප්‍රදේශයේත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශයේත් මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කර සිටියේ තරුණ වෘත්තිකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සඳහා ද මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

මෙම නිවාස ව්‍යාපෘතියේ විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉඩම්වල මිල ඇතුළත් නොකරන අතර ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීම සිදුකරනු ඇති.

 

Related posts

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

අවි පුහුණුව ලබා හමුදාවෙන් පැන යන අය ගැන ගත් තීරණය

Editor O

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment