විදෙස්

යේමන ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 22 ක් මරුට

(UTV | යේමනය) – දකුණු යේමනයේ ඒඩ්න් නගරයේ ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

යුද්ධයෙන් විනාශ වී ගිය එරට අලුතින් පිහිටුවන ලද රජය රැගත් ගුවන් යානයක් අසල්වැසි සවුදි අරාබියෙන් පැමිණ ටික වේලාවකින් පිපිරීම් මාලාවක් සිදුව තිබේ.

තුවාල ලැබූවන් අතර ආධාර සේවකයින් සහ නිලධාරීන් ද සිට ඇති අතර අගමැතිවරයා පවසා ඇත්තේ තමා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට පිපිරීමෙන් හානියක්වී නොමැති බවය.

ශෙල් වෙඩි ප්‍රහාරත් සමග පිපිරීමක් සිදුවූ අතර එහි වගකීම මේ දක්වා කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නොමැත.

 

Related posts

මීළඟ ජනාධිපතිවරණයට ජනපති ට්‍රම්ප් පළමු පියවර තබයි

Mohamed Dilsad

කොරෝනා රෝගය නිසා මෙලොව හැර ගිය ලාබාලතමයා

Mohamed Dilsad

ඉරානයට ඉදිරියේදී දැඩි සම්බාධක පනවනවා – ට්‍රම්ප්

Mohamed Dilsad

Leave a Comment