විදෙස්

යේමන ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 22 ක් මරුට

(UTV | යේමනය) – දකුණු යේමනයේ ඒඩ්න් නගරයේ ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

යුද්ධයෙන් විනාශ වී ගිය එරට අලුතින් පිහිටුවන ලද රජය රැගත් ගුවන් යානයක් අසල්වැසි සවුදි අරාබියෙන් පැමිණ ටික වේලාවකින් පිපිරීම් මාලාවක් සිදුව තිබේ.

තුවාල ලැබූවන් අතර ආධාර සේවකයින් සහ නිලධාරීන් ද සිට ඇති අතර අගමැතිවරයා පවසා ඇත්තේ තමා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට පිපිරීමෙන් හානියක්වී නොමැති බවය.

ශෙල් වෙඩි ප්‍රහාරත් සමග පිපිරීමක් සිදුවූ අතර එහි වගකීම මේ දක්වා කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නොමැත.

 

Related posts

ගාසා දෙකට කඩයි

Mohamed Dilsad

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

කොරියාව රදවා සිටි මලයාසියානුවන් යළි සිය රටට

Mohamed Dilsad

Leave a Comment