දේශීය

අහඹු ලෙස කෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් පිරිසක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ‍සම්බන්ධයෙන් සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන්වලදී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය 18 වනදා සිට අද (27) පෙරවරු 6.00න් අවසන් වු කාලය තුළ සිදුකළ අහඹු පරීක්ෂාවන්වලදී කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන ඇත.

බස්නාහිර පළාතෙන් පිටවයන පුද්ගලයින් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කිරීම ස්ථාන 11 කදී ක්‍රියාත්මක වෙයි.

එහිදී මේ දක්වා පුද්ගලයින් 8000 ක පමණ පිරිසක් එම අහඹු පරීක්ෂණවලට ලක්කර ඇති අතර අද (27) දිනයේ ද එම කටයුතු ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

Related posts

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය සූදානම්

Mohamed Dilsad

පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 268 ක් දිවයිනට

Mohamed Dilsad

ඉන්දීය අගමැති සහ නාමල් රාජපක්ෂ අතර හමුවක්

Editor O

Leave a Comment