දේශීය

සුනාමියට වසර 16යි. විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින්න

(UTV |කොළඹ) – 16කට පෙර අද වැනි දවසක එනම් 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26වන දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් අද දිනයේ අනුස්මරණය කෙරේ.

එදා අපේ රටේ වැසියන් 35,000කට ආසන්න පිරිසක් මිය ගිය අතර 5000ක පමණ පිරිසක් අතුරුදන් විය.

2004 වසරේ දෙසැම්බර් මස 26වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබුවේය.

ඒ අනුව අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටවැසි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජාතික සුරක්ෂිතතා දිනය මෙවර සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති අනුගමනය කරමින් සැමරීමට කටයුතු යොදාඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද දිනය පුරා සර්ව ආගමික වැඩසටහන් සිදුකිරීමට නියමිතය.

Related posts

විදුලිබල මණ්ඩලය සූර්යබල විදුලිය මිලදී ගැනීමට සැරසේ

Mohamed Dilsad

අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment