දේශීය

කොරෝනා අවධානම නිසා වටවල ඇඟලුම් කර්මාන්තශාලාවක් වැසේ

(UTV |නුවරඑළිය) –  හැටන්, වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දමා තිබේ.

ඒ කොරොනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමඟය.

පසුගිය දා එම කම්හලෙන් ආසාදිතයෙකු වාර්තා විය.

ඉන් පසු ආශ්‍රිතයින් 60 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පාලන අධිකාරිය කටයුතු කළ අතර එහිදී තවත් සේවක සේවිකාවන් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ තහවුරු විය.

මේ වන විට අදාල ඇඟලුම් කම්හලේ සේවකයින් 200 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂණ කේ.කාමදේවන් සඳහන් කරයි.

Related posts

ලබන මාසයේදි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 65 ක් දිවයිනට

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment