ව්‍යාපාරික

ලංකාවේ පාරිසරික සංවර්ධනයට රුසියාවේ තාක්ෂණික සහාය

(UTV | කොළඹ) – මෙරට පාරිසරික සංවර්ධනය උදෙසා තම රටේ උපරිම සහය පළකරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා පවසයි.

ඊයේ පස්වරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව දැනුම් දී ඇත.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ වත්මන් රජය යටතේ පුළුල් පාරිසරික සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී රුසියානු රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගත හැකි බව තානාපතිවරයා මෙහිදී මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

පැළ මිලියන 02 ක් රෝපණය කර රටේ වනගහණය ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ සමස්ත ගංගා පද්ධතියේම ගංගා නිම්න සංරක්ෂණය සඳහා සුරකිමු ගංගා නමින් වැඩ සටහනක් ඇරඹීම හා සෑම අංශයක්ම යොදා ගනිමින් පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ඇරඹීම ඒ යටතේ ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

 

 

 

 

Related posts

ඩර්ඩන්ස් රෝහල විසින් දකුණු ආසියාවේ අතිනවීන ද්විත්ව කැතීටකරන පරීක්‍ෂණාගාරය විවෘත කරයි

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොළ පහලට

Mohamed Dilsad

Leave a Comment