විදෙස්

බ්‍රසීලයේ ජනතාවට අමතක වූ කොරෝනා

(UTV |බ්‍රසීලය) – ගිම්හානය ඇරඹීමත් සමගම බ්‍රසීලයේ ජනතාවට කොරෝනා පිළිබඳ අමතක වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට අගනගරය වන රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරය ජනතාවගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.

එසේ රැස්වී සිටි බොහෝ දෙනා මුව ආවරණ නොපැළඳ සිටි බවත් විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ ද කොවිඩ් බලපෑම සැමවිටම නොසලකන අතර එසේම ඔහු කොවිඩ් එන්නත ලබාගැනීම ද ප්‍රතික්ෂේප කළේය.

ලොව කොරෝනා වෛරසය තෙවැනිය ට වැඩිපුරම හමුවන රට බ්‍රසීලය වේ.

මේ වනවිට එරටින් කොරෝනා ආසාදිතයින් මිලියන 7.24ක් හමුවී ඇති අතර පුද්ගලයින් 187,000ක් මියගොස් ඇත.

 

Related posts

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේ

Mohamed Dilsad

දකුණු ගාසා තීරයට අත්හිටුවා තිබු ජල සැපයුම යළි සක්‍රීය කෙරේ

Mohamed Dilsad

Leave a Comment