දේශීය

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලට “සමගි ජන සන්ධානයෙන්”

(UTV| කොළඹ) – සමගි ජන සන්ධානය නමින් නව ලකුණකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

මෙම යෝජනාව පෙරේදා බණ්ඩාරවෙලදී රැස්වූ සමගි ජන බලවේගයේ විධායක සභාවට ඉදිරිපත්ව ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ විපක්ෂයේ සෙසු පක්ෂ ඒකාබද්ධ කරගනිමින් මෙලෙස නව සන්ධානයක් ගොඩනැගිය යුතු බවටයි.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා කෙටුම්පතට ද එම පක්ෂයේ විධායක සභාව අනුමැතිය පළ කර තිබේ.

ඒ අනුව එළඹෙන ජනවාරි 01 වැනිදා සිට නව පක්ෂ ව්‍යවස්ථාව ක්‍රියාත්මක බව විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළේය.

 

Related posts

දකුණේ වැඩිහිටි නිවාස සදහා වියළි ආහාර සති දෙකකට ගබඩා කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

සල්ලි දුන්නොත් ඡන්දෙ තියෙනවා ද? – පැෆ්රල්

Mohamed Dilsad

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment