ගොසිප්

පිටකෝට්ටෙන් හමුවූ කොරෝනා පොකුර

(UTV | කොළඹ) – පිටකෝට්ටේ එපිටමුල්ල මෙට්ලික්ස් වත්තේ සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත රෝගීන් 50 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙට්ලික්ස් වත්තට සංචරණ සීමා පැනවීමට පිටකෝට්ටේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

පිටකෝට්ටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී අසිත නාමල් ජයසිංහ මහතා පැවසූවේ එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින් එක් පුද්ගලයෙකු ආසාදිත බවට හඳුනාගැනීමත් සමග පුද්ගලයින් 140 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බවයි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ දිනයේ ලැබී තිබූ අතර ඉන් 50 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

මෙට්ලික්ස් වත්ත ප්‍රදේශයේ පවුල් 43 කට අයත් පුද්ගලයින් 208 දෙනෙකු ජීවත් වන බව වාර්තා වෙයි.

ආසාදිත බවට හඳුනාගෙන ඇති පිරිස රෝහල් කරා රැගෙනයෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර අනෙක් පිරිස් නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

 

 

Related posts

ලාංකිකයන් 5000කට කුවේටයෙන් පිට වන්නයි නියෝග..

Mohamed Dilsad

ඊයේ රාත්‍රියෙන් පසු විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන්

Mohamed Dilsad

රජය විදෙස්ගත ලාංකිකයන්ගෙන් කොරෝනා මඩින්න අරමුදල් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment