විදෙස්

කොරෝනා වලට ඇමෙරිකාවේ තවත් එන්නතකට අනුමැතිය

(UTV |ඇමෙරිකාව) –  මොඩර්නා කොවිඩ් 19 එන්නතට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ විශේෂඥ උපදේශක මණ්ඩලයක් මගින් අනුමැතිය ලබා දෙයි.

විදෙස් වාර්තා පවසන්නේ ඉදිරි පැය 24 තුළදී ඒ සඳහා ඖෂධ පරිපාලනයේ අනුමැතිය ඊට හිමිවනු ඇති බවයි.

මේ අනුව වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයින්ට එන්නත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට මීට සතියකට පෙර අනුමැතිය ලබාදුන්නේද මෙම කමිටුව විසිනි.

මේ වනවිට ඇමෙරිකානුවන් 317,928 ක් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 17,626,770 කි.

Related posts

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 46 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඕමාන් මහා බැංකුව අනතුරු අඟවයි.

Mohamed Dilsad

Leave a Comment