විදෙස්

කොරෝනා වලට ඇමෙරිකාවේ තවත් එන්නතකට අනුමැතිය

(UTV |ඇමෙරිකාව) –  මොඩර්නා කොවිඩ් 19 එන්නතට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ විශේෂඥ උපදේශක මණ්ඩලයක් මගින් අනුමැතිය ලබා දෙයි.

විදෙස් වාර්තා පවසන්නේ ඉදිරි පැය 24 තුළදී ඒ සඳහා ඖෂධ පරිපාලනයේ අනුමැතිය ඊට හිමිවනු ඇති බවයි.

මේ අනුව වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයින්ට එන්නත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට මීට සතියකට පෙර අනුමැතිය ලබාදුන්නේද මෙම කමිටුව විසිනි.

මේ වනවිට ඇමෙරිකානුවන් 317,928 ක් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 17,626,770 කි.

Related posts

ට්‍රම්ප්ට එරෙහි දෙවන දෝශාභියෝග චෝදනා විභාගය අද ඇරඹේ

Mohamed Dilsad

මාලදිවයින් ජනපති සියළු චෝදනා වලින් නිදහස්

Mohamed Dilsad

උතුරු කොරියාව කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment