ව්‍යාපාරික

සේනා මර්දනයට හෙට සිට නව ක්‍රියාමාර්ගයක්

(UTV| කොළඹ) – බඩ ඉරිඟු වගාවේ පැතිර යන සේනා දළඹු හානිය මර්දනය කිරීම සඳහා මෙරටට ආනයනය කළ ජෛව රසායනිකය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට එය ප්‍රදේශ කිහිපයක අත්හදා බලා ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු හානිය වැළැක්වීමේ කමිටුවේ ප්‍රධානී අනුර විජේතුංග මහතා පැවසීය.

ඒ අනුව එන් පී වී නැමති එම ජෛව රසායනිකය ගොවීන් වෙත බෙදා හැරීම හෙට සිට (18) ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

අනුර විජේතුංග මහතා පැවසුවේ, සේනා දළඹුවා මර්දනය සඳහා ජෛව පාලන ක්‍රමයක් සාර්ථකව මෙරට ගොවීන්ට හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය බවයි.

 

Related posts

රුපියල අවප්‍රමාණය වුයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවය නිසා නොවෙයි-අමාත්‍ය මහින්ද අමරවීර

Mohamed Dilsad

කොටස් වෙළඳපොල පහත වැටෙයි

Mohamed Dilsad

සිමෙන්ති මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment