දේශීය

නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව

(UTV | කොළඹ) – නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදුකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන් වෙත උපදෙස් ලබා දී ඇත.

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් මේ බව සඳහන් කළේය.

හුදෙකලා කර නොමැති ප්‍රදේශවල දේව මෙහෙයන් 50 කට නොඅඩු බැතිමතුන් පිරිසක් සමඟ කාණ්ඩ වශයෙන් සිදුකිරීමට අවසර ලබාදී ඇති බව උන්වහන්සේ අවධාරණය කළේය.

එමෙන්ම, නත්තල් දේව මෙහෙයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති බව අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් එහිදී සඳහන් කර සිටියේය.

 

Related posts

නොරොච්චෝලේ කටයුතු යථා තත්ත්වයට

Mohamed Dilsad

නිදහස් උත්සවයේ වැසිකිළි සඳහා ලක්ෂ 142ක් – සිවිල් සංවිධාන

Mohamed Dilsad

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

Mohamed Dilsad

Leave a Comment