ගොසිප්

ආණ්ඩුවේ තීරණ වලට ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන්ම විරෝධය

(UTV |කොළඹ) – මෙතෙක් කල් ක්‍රියාත්මක වූ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට ආණ්ඩු පාර්ශවයේම විරෝධය එල්ල වෙයි.

ආණ්ඩුවේ සිටින ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද ආණ්ඩුව ගෙන ඇති පියවරකට විරෝධය පළකරමින් ලිපියක් යැවීමට පියවර ගෙන තිබේ.

පසුගියදා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත ලිපියක් යොමු කරමින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කොට එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙස දැනුම් දී ඇත.

ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ අදාළ ආයතනය අගමැතිවරයා යටතේ පවතින්නක් බැවින් ඒ සම්බන්ධ තීන්දු තීරණ ගත යුත්තේ අගමැතිවරයා විසින් බවත්, ජනාධිපති කාර්යාලය නොවන බවයි.

මෙම තත්ත්වය යටතේ ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුව වෙත එල්ල වීය හැකි බවට අනතුරු ඇගවීමක්ද නානායක්කාර මහතා විසින් සිය ලිපිය මගින් අගමැතිවරයා වෙත දැනුම් දී තිබේ.

මීට පෙර බන්දුල ගුණවර්ධන මහතාද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඉහළ නිලධාරීන් පිරිසක් විසින් ඇමැතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට පත් කොට ඇති බව කියා සිටියේය.

Related posts

මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මම පමණයි

Mohamed Dilsad

රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

Mohamed Dilsad

රන්ජන් ජනපති සමාව අයැදීමට සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment