විදෙස්

සඳ මත සිය ජාතික ධජය පිහිටවූ දෙවන රට බවට චීනය පත්වෙවෙයි

(UTV | චීනය) – චීනය විසින් චන්ද්‍රයා මතුපිටට යවන ලද චැන්ග් ඊ 5 යානය විසින් මෙලෙස ජාතික කොඩිය සඳ මත ස්ථාපිත කර තිබෙන අතර , එය මේ වනවිට සඳ මතුපිටින් එක් රැස් කරගත් පාෂාණ සහ දූවිලිද සමගින් නැවතත් පෘථිවිය බලා ගමන් කරමිනුයි පවතින්නේ.   

මීට පෙර අවස්ථා 02 කදී චීනය සිය ජාතික ධජය සඳ මතුපිට පිහිටුවීමට උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත.

මීට වසර 50 කට පෙර අමෙරිකාව විසින් එම ඉලක්කය පළමු වරට ජය ගැනීමෙන් පසු එම අභියෝගය සාර්ථව ජයගත් දෙවන රට වන්නේ චීනයයි.

අමෙරිකාව විසින් සිය ජාතික ධජය චන්ද්‍රයා මත පිහිටුවන ලද්දේ 1969 වසරේ දී ඇපලෝ 11 මෙහෙයුම මගිනුයි.

 

Related posts

සිංගප්පූරුවේ කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් බිලියන ගණනක් ඉවත් කරයි

Mohamed Dilsad

අන්තර් පැසිෆික් ආර්ථික හවුලෙන් ඇමරිකාව ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment