විදෙස්

කොවිඩ් එන්නත නොමිලේ රෝගීන්ට දීමට සැරසෙන තවත් රටක්

(UTV |ප්‍රංශය) – කොවිඞ් 19 නිවාරණ එන්නත්, සියලුම ප්‍රංශ වැසියන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ප්‍රංශ අග්‍රාමාත්‍වරයා පවසයි.

විදෙස් වාර්තා පැවසුවේ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් පැවසුවේ ඒ සඳහා ඉදිරි වසරේ සමාජ ආරක්ෂණ අයවැය යොදා ගන්නා බවයි.

ප්‍රංශයේ මෙම එන්නත් වැඩසටහන සඳහා යුරෝ බිලියන 1.5 ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ නමුත්, කොරෝනා එන්නත ලබා ගැනීම අනිවාර්ය නොකරන බවයි සිය අමාත්‍ය මණ්ඩලය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ප්‍රංශයේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2,257,000 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 54,140 ක්.

Related posts

ෆසායි සුලිකුණාටුව නිසා ජපානයේ නිවාස රැසකට විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

බංගලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

මැලේසියාවේ විෂ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් පාසල් 111ක් වසයි.

Mohamed Dilsad

Leave a Comment