දේශීය

කොමිෂන් සභා පහක සාමාජිකයන් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

(UTV | කොළඹ) – රාජ්‍ය සේවා, මැතිවරණ, අල්ලස්, පොලිස් සහ මුදල් කොමිසම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් අද (03) රැස්වූ පාර්ලිමේන්තු සභාව තහවුරුර ඇත.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු සභාව තහවුරු කර ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජගත් බාලපටබැදියි.

එසේම, මැතිවරණ කොමිසම සඳහා නීතිඥ නිමල් පුංචි හේවා, පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු, අල්ලස් කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන ඊවා වනසුන්දර මෙන්ම මුදල් කොමිසම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහගේ නම මෙලෙස සභාපතිවරුන් ලෙස තහුවරු කර තිබේ.

 

 

 

Related posts

උද්ධමනය අඩුවෙයි.

Editor O

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර එක්නැලිගොඩ ඝාතනයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කරයි.

Editor O

Leave a Comment