දේශීය

අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

(UTV |ඇඹිලිපිටිය) – රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා ඇය විසින් මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇත.

2021 වසර සඳහා පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා ඇය එම මුදල අද (02) උදෑසන 10ට පමණ ලබාගෙන ඇති අතර එම මුදල ලබා ගනිද්දී අද (02) ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව එම විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Related posts

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

පදික මාරුව මත සිදුවු අනතුරින් ජීවිතයක් අහිමි වෙයි

Mohamed Dilsad

COP:26 – ජනපති ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment