දේශීය

පදික මාරුව මත සිදුවු අනතුරින් ජීවිතයක් අහිමි වෙයි

කළුතර සිරිකුරුස විදුහල ඉදිරිපිට යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

 

ඊයේ (22) සවස් කාලයේ කළුතර සිරිකුරුස විදුහල අසලදී පදික මාරුව මතින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ තල්ගස්වල, ඉහළ කොටසේ පදිංචිව සිටි අය්යාප්පුලි යේසුදාසන් නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.

 

අනතුරින් යතුරුපැදිය පැදවූ හිටපු නාවික හමුදා සෙබළා සහ ඔහුගේ 17 හැවිරිදි දියණිය තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 

මෘතශරීරය නාගොඩ රෝහලේ තැන්පත්කර ඇති අතර කළුතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

 

Related posts

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Editor O

අද රෑ සිට අවම බස් ගාස්තුව රු 34 යි

Mohamed Dilsad

රනිල්ගේ පාර්ශ්වය පොහොට්ටුව සමග දිගටම සාකච්ඡා

Editor O

Leave a Comment