දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට දින වෙන් කර ගැනීමට නව දුරකථන අංකයක්

(UTV |කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන් කර ගැනීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දෙයි.

මේ අනුව 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම සේවා වෙන් කර ගැනීමේ පහසුකම් අද (30) සිට ලබා ගත හැක.

පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම කාර්යාලවලින් සේවා ලබා ගැනීම සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු අතර, සේවාලාභීන් පත්වන අපහසුතා අවම කිරීම සඳහා මෙම නව දුරකථන අංකය හඳුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

රිලවෙක්ට ඩොලර් පනස් දහසක්

Editor O

‘හමුදා පාලනයකට මඟ පෑදීම ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන්න’

Mohamed Dilsad

Leave a Comment