දේශීය

බැසිල් ඇතුළු තිදෙනා දිවි නැගුම නඩුවෙන් නිදහස්

(UTV |කොළඹ) – දිවිනැගුම නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකු කොළඹ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරයි.

මේ අනුව හිටපු අමාත්‍යවරයා මෙන්ම දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මෙලෙස නිදොස් කොට නිදහස් කර තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,292 ක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු හතර දෙනාට චෝදනා එල්ල වී තිබුණි.

Related posts

මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලය පැය 24 ම විවෘතයි

Mohamed Dilsad

දෙහිවල දුම්රිය ස්ථානයේ වේදිකාව මීටර් 500ක් දක්වා පුළුල් කිරීමේ සැලැස්මක්

Editor O

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment