දේශීය

බැසිල් ඇතුළු තිදෙනා දිවි නැගුම නඩුවෙන් නිදහස්

(UTV |කොළඹ) – දිවිනැගුම නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකු කොළඹ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරයි.

මේ අනුව හිටපු අමාත්‍යවරයා මෙන්ම දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මෙලෙස නිදොස් කොට නිදහස් කර තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,292 ක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු හතර දෙනාට චෝදනා එල්ල වී තිබුණි.

Related posts

දේවගැති ජෙරම්ගේ පෙත්සම 05 වනදා කැඳවයි

Mohamed Dilsad

කුවේට් රජය සියලු වාණිජ ගුවන් යානා ඇතුළුවිම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

සඳුදා සිට කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් අවලංගු වෙයි – අවලංගු වන දුම්රිය මෙන්න

Mohamed Dilsad

Leave a Comment