දේශීය

මහර බන්ධනාර ගැටුමෙන් 08 මරුට. 58ක් රෝහලේ[UPDATE]

(UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ රැඳවියන් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය ගණන 6 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එසේම තුවාල ලැබුවන් 35 දෙනෙක් රාගම රෝහල වෙත රැගෙන ගොස් ඇත.ඒ සමඟම බරපතල තුවාල ලැබූ නියාමකයින් දෙදෙනෙකුද රෝහල් ගත කර තිබේ.

මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ වනවිට බන්ධනාගාරයේ හටගත් ගින්න මද පවත්වා ඇත.

එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වන බවද ඇය පවසයි.

මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.

Related posts

පොලීසියේ ලොකු පුටු මාරුවක්

Editor O

ජනපති අනතුරු අඟවයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment